තමන් රාජපක්ෂ නිකායේ බව හඳුන්වා ගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (20) කොළඹට පැමිණ පැවැත්වූ රැස්වීම මුළුමනින් ම අසාර්ථක වීමෙන් පසුව බරපතළ ගැටුම් ඇති වී ඇති බව වාර්තා වේ.
එම රැස්වීමට භික්ෂූන් වහන්සේලා 8,000ක් සහභාගී කර ගන්නා බව ප්‍රකාශ කර තිබුණ ද, විශ්ලේෂකයන් කරුණු සහිතව පෙන්වා දී තිබෙන්නේ භික්ෂූන් වහන්සේලා 210 පමණක් සහභාගී වූ බව ය. එය සංවිධානය කිරීමේ ප්‍රමුඛත්වය ගත්තේ වලවාහැංගුනවැවේ ධම්රතන හිමි කාටත් හොර රහසේ විදේශ ගත වී සිටි අතර, මෙම රැස්වීම ඇමතීම සඳහා ආරාධනා ලැබූ තිබූ බොහෝ භික්ෂූන් වහන්සේලාට අවස්ථාව ලබා නොදීම පිළිබඳව ද චෝදනා කර ගනිමින් සිටිති.
එම රැස්වීම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව ප්‍රකාශ කර තිබුණ ද, සජිත් ප්‍රේමදාස එයට සහභාගී වී සිටි අතර, නාමල් රාජපක්ෂගේ නියෝජිතයන් නිරීක්ෂණ මට්ටමින් සහභාගී වී සිටියහ. උපරිම භික්ෂූන් වහන්සේලා පිරිසක් එම රැස්වීමට සහභාගී කරවීම සඳහා යොදන ලද සියළු උපක්‍රම අසාර්ථක වූ පසු අයහපත් කාලගුණ තත්වය නිසා බාධා ඇති වූ බවට ප්‍රචාරය කරමින් සිටී.
1
Saru News
















