ඊ වීසා ගනුදෙනුව ගැන ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවීමට දිනදෙයි

0
4

පසුගිය රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සහ වග උත්තරකාර පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීම් සිදු කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පෙබරවාරි මස 09 වනදා යළි කැඳවීමට නියම විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here