විදෙස් ගිනිඅවියක් සමග හෑෂ් සමග සැකකරුවෙක් අල්ලයි

0
4

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් හා හැෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කොච්චිකඩේ හලාවත පරේදි පොලිස් විශේෂ කාර්‍ය බලකායෙන් ඊයේ (19) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්‍ය් බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මෙම වැටලීමේදි සැකකරු සන්තකයේ තිබි විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවියක්, හැෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 974 ක් හා ගංජා කුඩු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 580 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු 50 හැවිරිදි වියේ පසුවන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here