වෙනිසියුලාවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

0
8

වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක් සිදු වුවහොත් එම යානාවලට වෙඩි තබා බිම හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

දින දෙකක් තුළ දෙවන වරටත් දකුණු අමෙරිකාවට ඔබ්බෙන් වූ අමෙරිකානු නෞකාවක් අසල වෙනිසියුලානු හමුදා ගුවන් යානා පියාසර කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.

වෙනිසියුලාවෙන් “මත්ද්‍රව්‍ය ගලා එන” බවත්, එක්සත් ජනපදයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා හි සාමාජිකයින් එහි ජීවත් වන බවත් එහිදී ට්‍රම්ප් පවසා තිබේ.

මත්ද්‍රව්‍ය ගලායාම වැළැක්වීම සඳහා අතිරේක නාවික යාත්‍රා සහ මැරීන් භටයින් මෙන්ම නාවිකයන් යෙදවීමට එක්සත් ජනපද හමුදාව පියවර ගෙන ඇති අතර දකුණු කැරිබියන් කලාපය තුළ සිය හමුදා ශක්තිය වර්ධනය කිරීමටත් පියවර ගෙන ඇත.

මේ අතර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, එක්සත් ජනපදය ඉහළ පෙළේ වෙනිසියුලානු නිලධාරීන්ට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබුණි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here