අමෙරිකා – ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම දෙවන වරටත් සභාගත කෙරේ

0
4

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර, ඇති කරගත් ආරක්ෂක ගිවිසුම යළි සභාගත කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, අදාළ ආරක්ෂක ගිවිසුම මීට පෙර සභාගත කළ බව පැවසුවද, සිංහල බසින් පවතින ලියවිල්ලක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

අදාළ ගිවිසුම සභාගත කිරීමක් සිදුකර නොමැති බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසීය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ගිවිසුමේ මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශ විවාද දිනයේ දී සභාගත කළ අතර, එය යළිත් වරක් අද දිනයේ ද තමා සභාගත කරන බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here