ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

0
4

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ගොස් 2026 අයවැය සම්මත කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා දීම හේතුවෙනි.

ඒ අනුව, පදියතලාව ප්‍රාදේශීය සභාවේ වීරසිංහ දර්ශන විතානගේ, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මොහොමදු නසීර් මුහම්මදු රිනොස්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඒ.ඒ. අනුර කුමාරල මාරසිංහ ආරච්චිගේ අමිල් එරංග සහ රතුගමගේ උමේෂා රශ්මි මල්ෂානි යන අයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වගලන්ගේ අතුල කුමාර වහලත්, බාලසුරිය මුදියන්සේලාගේ අනුර කුමාර සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පී.කේ සුමේද ලක්මාල් යන අයගේ ද මෙලෙස පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here