කුඩු ජාවාරමේ නිරත පොලිස් කොස්තාපල් අල්ලයි

0
4

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 02 දා තෙබුවන ප්‍රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව දුරකථන වාර්ථා විශ්ලේෂණය කර තිබේ.

එහිදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු සම්බන්ධ බවට තොරතුරු හෙළි වීමෙන් පසුව මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කොස්තාපල් කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධවී ජාවාරම් කරගෙන ගොස් ඇති බවට විමර්ශන වලදී අණාවරණය වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here