මෙරට සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින්ගෙන් 30%ක් මතට ඇබ්බැහි වෙලා

0
4

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින්  (Transgender Sex workers) හෙවත් සංක්‍රාන්තික ලිංගිකභාවයක් සහිත පුද්ගලයින්ගෙන් සියයට 25ත්-30ත් අතර සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව අලුත්ම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

එම තොරතුරු හෙළි වී ඇත්තේ සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින පදනම මඟින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවය.

දැනට මෙරට තුළ සංක්‍රාන්තිකයින් (Transgender) සැලකිය යුතු පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා රැකියාව ලෙස සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික (Transgender Sex workers) තෝරාගෙන ඇති බව එම පදනම සඳහන් කළේය.

මින් බොහෝ පිරිසක් සංක්‍රාන්තිකයින් ලිංගිකභාවය සහිත පුද්ගලයින් බැවින් තම පවුල්වලින් හා නිවෙස්වලින් ඉවත් කිරීම නිසා සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික (Transgender Sex workers) වෘත්තිය තම රැකියාව ලෙස තෝරාගෙන ඇත.

මෙම වෘත්තීයේ ඇති නිදහස් භාවය නිසා බොහෝ පිරිසක් අයිස්, හෙරෝයින්, ගංජා, මත්පෙති වැනි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති සඳහන් වේ.

මෙය මෙරට තුළ සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් (Transgender Sex workers) ප්‍රධාන ගැටලුවක් වන අතර මෙයට අමතරව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීම් මෙන්ම මත්ද්‍රව්‍ය දමා චෝදනා ගොනුකරමින් අනීතික ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සහ සමාජයෙන් ඔවුන්ට එල්ලවන තාඩන පීඩන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කරමින් ලිඛිතව පොලිස් මූලස්ථානය වෙත දැනුම්දීමක් ද කර තිබේ.

මෙයට අමතරව හදිසි අවස්ථාවකදී රෝහල්ගත කිරීමේදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳව අදාළ බලධාරීන්ගේ නොදැනුවත්කම නිසා ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබේ.

එහිදී ඔවුන්ට නීතිඥවරයකුගේ මෙන්ම පොලීසියේ සහාය ද ලබා ගැනීමට සිදුව ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ඔවුන් පොලිස්පතිවරයාට දන්වා යැවූ ලිපියේ සඳහන් වෙයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තාවක් මඟින් පොලිස් මූලස්ථානය ඇතුළු රජයේ වගකිය යුතු ස්ථාන දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වෙන බව සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින පදනම සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here