කමිසය ගලවා දරුවා වටේ ඔතයි…
අම්මා රට රස්සාවේ
නිවස ආසන්නයේ පාපැදියක් පදවමින් සෙල්ලම් කරමින් සිටි තම දරුවා බඹර ප්‍රහාරයකට ලක්ව වේදනාවෙන් කෑගසමින් සිටින අවස්ථාවේදී, එම දරුවා බේරා ගැනීමට දිව ගිය පියකු එම බඹරුන්ගේ දෂ්ට කිරීම් හමුවේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් මිහින්තලයෙන් වාර්තා වෙයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජගත් නිශාන්ත නම් 51 හැවිරිදි පුද්ගලයෙකි.
මෙහිදී පියා තම කමිසය ගලවා දරුවා වටා ඔතා බඹර ප්‍රහාරයෙන් තම දරුවා ආරක්ෂා කරගෙන ඇත. බඹර දෂ්ට කිරීම් රැසකින් තුවාල ලැබූ පියා ප්‍රදේශවාසීන් විසින් මිහින්තලේ රෝහල වෙත රැගෙන ගිය ද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. 11 හැවිරිදි පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
එම දරුවාගේ මව විදේශගතව රැකියාවක නිරතව සිටියි. සිද්ධිය වන විට නිවසේ ජීවත්ව ඇත්තේ පුතා සහ ජීවිතක්ෂයට පත් වූ එම පියා පමණි.
මිහින්තලේ රංග චතූ
Saru FM Media









