ලසිත් මාලිංගගේ ධුර කාලය දීර්ඝ කෙරේ

0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලසිත් මාලිංග හට පිරිනමා ඇති වේග පන්දු උපදේශක පුහුණුකරු ධූරයේ කාලසීමාව 2026 විස්සයි-20 ලෝක කුසලානය අවසානය දක්වා දීර්ඝ කර තිබේ.

මෙම තීරණය මගින් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු බෝලිං අංශයේ උපදේශන හා පුහුණු කටයුතුවලට තවදුරටත් දායක වීමට හැකි වන අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයක් ලෙස ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කලේය.

ලසිත් මාලිංග මහතා මීට පෙරද ජාතික කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ අත්දැකීම් හා දක්ෂතා තුළින් නව පරම්පරාවේ වේග පන්දු යවන්නන් වර්ධනය කිරීමට විශේෂ දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here