බදු පොලු නිසා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැතිනි ඉල්ලා අස්වෙයි

0
8

අලුත් නිවසකට ගෙවිය යුතු , දේපළ බද්ද අඩුවෙන් ගෙවීමේ වරද පිළිගනිමින් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඇන්ජෙලා රේනර් ඊයේ ඉල්ලා අස්වූවාය. ඇය ඒ ගැන දැඩි ලෙස කණගාටුව පළ කරන බවද පවසා තිබිණි .

අගමැති කීර් ස්ටාර්මර්ට මෙය තරමක අර්බුදකාරී තත්වයක් මතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .ඒ , ඇන්ජෙලා රේනර් ගේ ප්‍රධානියා වන්නේ ඔහු බැවිනි .

බ්‍රිතාන්‍යයේ ස්වාධීන උපදේශක විසින් ඇය නිවැරදි ලෙස බදු ගෙවීමට අපොහොසත් වීම මගින් අමාත්‍ය සංග්‍රහය කඩ කළ බව තීන්දු කිරීමෙන් පසු, තව දුරටත් තම නියෝජ්‍ය අගමැති ආරක්ෂා කිරීමට ස්ටාර්මර්ට හැකියාවක් ලැබී නැත.

“ඔබව රජයට අහිමි වීම ගැන ඉතා කණගාටුදායකයි” එමෙන්ම ” ඇය විශ්වාසවන්ත සගයකු සහ සැබෑ මිතුරියක් ” යනුවෙන්ද ඔහු සඳහන් කර තිබිණි .

45 හැවිරිදි රේනර්, ස්ටාර්මර්ගේ කණ්ඩායමේ සිටි අටවැනි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයාය .

වසර 50කට ආසන්න කාලයක් තුළ ඕනෑම අගමැතිවරයකුගේ ආණ්ඩු පිළිබඳ සැළකීමේ දී සංශෝධනවලින් පිටත අමාත්‍ය ධුරවලින් වැඩිම ඉල්ලා අස්වීම සටහන් වන්නේ ස්ටාර්මර්ගේ ආණ්ඩුවේය .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here