රුපියල් මිලියන 200ක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

0
6

රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අතහැර දැමූ ගමන් මල්ලක තිබී සොයා ගෙන තිබේ.

අදාළ ගමන් මල්ල ඉකුත් 06/28 දින උදෑසන 09.45ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි.

මෙම ගමන් මල්ලේ හිමිකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද (06) කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රැදී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගමන් මල්ල තුළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20යි ග්‍රෑම් 900ක් ඇසුරුම් 19ක් ලෙස සකස් කර සගවා ගෙන තිබූ බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here