ඇමරිකානු රංගන ශිල්පී එරික් ඩේන් මියයයි

0
3

ප්‍රකට රූපවාහිනී කතා මාලාවන් වූ ‘Euphoria’ සහ ‘Grey’s Anatomy’ හි චරිත නිරූපණය කළ ප්‍රසිද්ධ නළු එරික් ඩේන් (Eric Dane) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට එරික් ඩේන් 53 වැනි වියේ පසු විය.

තමන්ට ස්නායු රෝගයක් (Motor Neurone Disease) වැළඳී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර වසරකටත් අඩු කාලයකදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

HBO හි ජනප්‍රිය යොවුන් නාට්‍ය වැඩසටහනක් වන ‘Euphoria’ හි පවුලේ කුලදෙටු කැල් ජේකබ්ස් ලෙස ඩේන් රඟපෑවේය. ඊට පෙර, ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ වෛද්‍ය නාට්‍යයක් වන ‘Grey’s Anatomy’ වෛද්‍ය මාර්ක් ස්ලෝන් නොහොත් ‘ආචාර්ය මැක්ස්ටෙමි’ ලෙසිනි.

කැලිෆෝනියාවේ උපන් මේ නළුවා පසුගිය වසරේ තමන්ට ස්නායු රෝගයක් වැළඳී ඇති බව සදහන් කළ අතර ඔහු බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ප්‍රකාශයක් සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here