අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු කතරගම ඩිපෝවේ බස් රථ රියදුරෙකු කතරගම පොලිස් නිළධාරීන් විසින් 18 දින රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාවන්තිස්සපුර, තිස්සමහාරාම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු කතරගම ලංගම ඩිපෝවේ රියදුරකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් කතරගම දිසා බුද්ධි සේවා නිළධාරීන්ට ලද තොරතුරක් මත කතරගම පොලිස් නිළධාරින් විසින් කතරගම බස්නැවතුම් පොලේදී මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Saru FM Media









