සටහන – රුවන් නෙළුගොල්ල
පසුගිය ආණ්ඩු යටතේ හසු නොවුණු හෙරොයින්, ගංජා, අයිස් මත්ද්‍රව්‍ය දැන් තොග පිටින් හසුවන්නට පටන් ගෙන ඇති බවත් එසේ වී ඇත්තේ තමන් මෙම ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණ නොදෙන නිසා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පවසයි.
“දැන් පහුගිය කාලය ඇතුළත, අපි බලයට පත්වුණාට පස්සේ අපි හෙරොයින් ටොන් 51ක් අත් අඩංගුවට අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේවා මුට්ට කරලා ගැහුවොත් එහෙම සිමෙන්ති කොට්ට නම් බර ගාණක්. මේවා නිකම් නෙවෙයිනෙ අහුවුණේ. වෙනදා ඔයාලාගෙ පාලන කාලය යටතේ අහුවෙච්ච නැති කුඩු හෙරොයින් ගංජා අයිස් දැන් තොග පිටින් අහුවෙන්න පටන් ගන්නවා. ඇයි ඒ ? ඒ දේශපාලන රැකවරණය නැති හින්දා. අපි ඒකට රැකවරණය දෙන්නෙ නැති හින්දා. අපි ගැන ප්‍රශ්න කරන්න ප්‍රශ්නයක්වත් හදාගන්න බැරි ගාණට විපක්ෂය වැටිලා ඉවරයි. ඔයාල හිතනවාට වඩා වෙනස් ආණ්ඩුවක් අපි මේ හදාන තියෙන්නෙ”
සුදත් බලගල්ල මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

The post අපි බලයට ආවාට පස්සේ අපි හෙරොයින් ටොන් 51ක් අත් අඩංගුවට අරන් තියෙනවා. සිමෙන්ති කොට්ට නම් බරගාණක් – බලගල්ල appeared first on LNW Sinhala.
Saru News










