බෙහෙත් වර්ග 350ක මිල අඩු කළා – ඖෂධ නියාමන අධිකාරියේ සභාපති

0
9

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 350ක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරේදා (17දා) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛi නලින්ද ජයතිස්ස මහතා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බවත්, පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගත් බවත්, ඉන්පසු මිල ප්‍රකාශයට පත් කළ බවත් අවධාරණය කළ සභාපතිවරයා මේ පිළිබඳව සැපයුම්කරුවන්ට, නිෂ්පාදකයන්ට ආනයනකරුවන්ට දැනුම්දීම් සිදුකර තිබෙන බවත් කීය.

මෙම මිල අඩු කිරීම මගින් ජනතාවට සාධාරණ මෙන්ම නියමිත මිලට ඖෂධ ලබාගැනීමේ අවස්ථාව උදාවන බවත්, මින්පසු වැඩි මිලට ඖෂධ විකුණන ආයතන පිළිබඳව දන්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවැසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සැකසූ විශේෂ මෘදුකාංගයක් (ඇප් එකක්) කඩිනමින් ජනගත කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here