නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

0
10

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (18) පස්වරු 4:00 සිට හෙට (19) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය:
– මතුගම

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠අරණායක
– ⁠කෑගල්ල
– ⁠වරකාපොළ

රත්නපුර දිස්ත්‍රික්කය:
– ඉඹුල්පෙ

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
– බණ්ඩාරවෙල
– ⁠හපුතලේ
– ⁠ඌව පරණගම
– ⁠කන්දකැටිය

කොළඹ දිස්ත්‍රික්කය:
– පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:
– ඇල්පිටිය

කළුතර දිස්ත්‍රික්කය:
– වලල්ලාවිට
– ⁠බුලත්සිංහල
– ⁠දොඩංගොඩ

මහනුවර දිස්ත්‍රික්කය:
– ගගවට කෝරළය
– ⁠උඩුනුවර
– ⁠උඩපලාත
– ⁠තුම්පනේ
– ⁠පාතහේවාහැට
– ⁠උඩුදුම්බර
– ⁠ගග ඉහළ කෝරළය
– ⁠පස්බාගෙ කෝරළය
– ⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠රඹුක්කන
– ⁠රුවන්වැල්ල
– ⁠මාවනැල්ල
– ⁠දැරණියගල
– ⁠යටියන්තොට
– ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– මාවතගම
– ⁠මල්ලවපිටිය
– ⁠රිදීගම

මොනරාගල දිස්ත්‍රික්කය:
– බිබළ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– ⁠හගුරන්කෙත
– ⁠වලපනේ
– ⁠කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠කිරිඇල්ල
– ⁠බලන්ගොඩ
– ⁠කලවාන
– ⁠කොලොන්න
– ⁠රත්නපුර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here