සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට එරෙහිවූ චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර ඇත.
පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව ලිපියක් අදාළ මන්ත්‍රීවරයා වෙත නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
එම සභාවේ බලය පිහිටුවීමට අද (18දා) පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් සහ පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් මහතා සහාය දක්වා ඇති බවට අනාවරණය වී ඇතැයි එම ලිපියේ සඳහන්ය.
Saru FM Media









