සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය ආණ්ඩුවට

0
7

පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුව අද සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම අද (18දා) සිදුකෙරුණු අතර එහිදී ජාතික ජන බලවේගය විසින් එහි බලය හිමිකරගැනීමට සමත්විය.

සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැඩි ලබයක් දිනාගැනීමට නොහැකි වූ අතර එහි ජාතික ජනබලවේගය ආසන 23ක් දිනාගැනීමට සමත් වූ අතර විපක්ෂයේ සෙසු පක්ෂ සියල්ල අතර ආසන 24ක් බෙදීගොස් තිබුණි.

ඒ අනුව සීතාවක ප්‍රාදේශිය සභාව සඳහා සභාපති හා උප සභාපති තෝරා පත්කර ගැනීම සඳහා ඉකුත් ජුනි මස 17 වනදා පළමු රැස්වීම කැඳවූ නමුත් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සභාවේ රැස්වීම කල් තැබුණි.

අනතුරුව පසුගිය ජුලි 15 වනදා සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා යළි සභාව කැඳවූවද එහිදී ද තෝරාපත් ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හමුවේ යළිත් සභාව කල් තැබිණ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වී මාස 06ක් ගතවී ඇතත් තවමත් බලය පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශිය සභාව අද පෙරවරුවේ යළි රැස්වූ අතර එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය විවෘත ඡන්දයක් ලෙසද, රහස්‍ය ඡන්දයක් ලෙසද පවත්වන්නේ යන්න පළමුව විමසා බලා තිබේ.

ජාතික ජන බලවේගයේ සභිකයන් 23 දෙනා සහ පොදු විපක්ෂය නියෝජනය කළ සර්වජන බලය සභිකයෙකු රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළ බැවින් විපක්ෂ නියෝජනය කරන සෙසු සභිකයන් 23 දෙනා සභා ගර්භයෙන් ඉවත්ව ගියහ.

පසුව සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදි සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික පී.කේ. ප්‍රේමරත්න මහතා පත්විය.

එහිදි ඔහු ඡන්ද 23ක් ලබාගැනීමට සමත් වූ අතර රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළකළ සර්වජන බලය සභිකයා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here