නවීන තාක්ෂණය සමඟ විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන හරිම තරඟකාරී ලෝකෙක තමයි අද අපි ජීවත් වෙන්නෙ.
මේ තරඟකාරී ලෝකය තුළ වඩා කැපීපෙනෙන කොටසක් රැකියා අවස්ථා සඳහා හිමිවෙනවා.
තමන්ගේ සේවා ස්ථානයේ දියුණුව උදෙසා අති දක්ෂයන් තමන් සතු කරගන්න සේවා ස්ථාන තරඟ කරද්දි, තමන්ගෙ හැකියාවන්ට ගැළපෙන හොඳම ස්ථානයේ රැකියාවක් ලබාගැනීම වෙනුවෙන් රැකියා අපේක්ෂකයන් අතරෙ තරඟෙකුත් අද වෙද්දි නොදැනුවත්වම නිර්මාණය වෙලා තියෙනව.
හැමදෙයක්ම තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන මේ කාලෙ ඔබේ රැකියාවට අදාල ක්ෂේත්‍රය කුමක් වුනත් ඔබ සතුව පරිඝනක සාක්ෂරතාව තිබීම නම් අත්‍යාවශ්‍යයි.
ඔබ රැකියාවක් සොයමින් ඉන්න කෙනෙක් නම්, පරිඝනක සාක්ෂරතාවය අඩුවීම නිසා රැකියාවේ යෙදීමේදී විවිධ ගැටළු වලට මුහුණ දෙමින් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් රැකියාවේ උසස්වීමක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න අද අපේ ලිපිය ඔබ සඳහාමයි.
අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඕනෑම රැකියාවක් සඳහා ඔබ සතුව තිබිය යුතු අවම පරිඝනක දක්ෂතා (basic computer skills) ගැනයි.
එහෙනම් අපි බලමු ඒ මොනවද කියල?
මුලින්ම, computer skills ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
මේ යටතේ පරිඝනකයට සම්බන්ධ වී ඇති keyboard, mouse වගේ උපාංග ගැන දැනුම, පරිඝනකයක් වෙන් කිරීමේ සහ නැවත එකලස් කිරීම පිළිබඳ දැනුම, පරිඝනකට බාහිරින් සම්බන්ධ කරන විදුලි සැපයුම, අන්තර්ජාල සැපයුම් සහ photo copy machine, printers වැනි උපකරණ සම්බන්ධ කිරීමේ සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව සලකා බලනවා.
මෙහිදී පරිඝනකයේ විවිධ මෘදුකාංග (computer programs) සහ අන්තර්ජාලය භාවිතා කරමින් කාර්‍යයන් සම්පූර්ණ කිරීමට ඔබට ඇති හැකියාව සලකා බැලීම සිදුකරනවා.
මේ යටතට විද්‍යුත් පණිවිඩ (mails) යැවීම, පරිඝනකය භාවිතයෙන් විවිධ ඉදිරිපත් කිරීම් සිදුකිරීම (presentation), අන්තර්ජාලය හරහා දේශීය සහ විදේශීය රැස්වීම් සංවිධානය කිරීම (meeting) වගේ හැකියාවන් අයත් වෙනවා.
හොඳයි දැන් අපි බලමු කාර්‍යාල වැඩ පහසුවෙන් කරගන්න අපි මූලිකවම දැන සිටිය යුතු මෘදුකාංග කුසලතා එහෙමත් නැත්නම් soft skills මොනවද කියල?
කාර්‍යාල මෘ දුකාංග කට්ටල කියන්නෙ වෙන් වෙන්ව පැවතුණු මෘ දුකාංග ගණනක් විද්‍යුත් ලිපියනයක් මඟින් එකිනෙකට සම්බන්ධ කරමින් නිර්මාණය කරල තියෙන මෘදුකාංග එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ විද්‍යුත් ලිපිනය හරහා මේ එකතුවට යොමුවෙන්න ඔබට පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පරිඝනකයේ ගබඩා කරනවාට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක්, ආරක්ෂිතව ගබඩා කරන්න පුළුවන් වගේම ඕනෑම තැනක ඉඳල කාර්‍යාලීය කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාවත් මේ ඔස්සේ ඔබට ලැබෙනවා.
මේ මඟින්,
Word processing
Spreadsheet
Presentation
E – mail
Meeting
Calendar සහ storage software වගේ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
Excel, OneDrive, OneNote, Outlook, PowerPoint, Teams, සහ Word සේවාවන් ඇතුළත් Microsoft Office
Calendar, Chat, Docs, Drive, Meet, Sheets, සහ Slides සේවාවන් ඇතුළත් Google Workspace
Keynote, Numbers, and Pages සේවාවන් ඇතුළත් Apple iWork
යන මෘදුකාංග කට්ටල හඳුනාගන්න පුළුවන්.
Powerpoint භාවිතයෙන් ඉදිරිපත් කිරීම් කිරීමෙන් එහා ගිහින් අද වෙද්දී ඉතාම ආකර්ෂණීය ලෙස දත්ත දෘෂ්‍යකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය වෙනත් වැඩසටහන් සහ මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරන වීඩියෝ පට ආදිය භාවිතයෙන් කරන ඉදිරිපත් කිරීම් අද වෙද්දි දකින්න ලැබෙනවා.
අලුත් තාක්ෂණය සමඟ හැඩගැසෙන ඔබේ දක්ෂතා පෙන්වීමට, වඩා පැහැදිලිව සහ දත්ත සහිතව ඔබේ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට මේ හැකියාවක් වැඩිදියුණු කර ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා.
Apple Keynote
Canva
Microsoft Excel, Tableau, Google Charts සහ Infographic වැනි දත්ත දෘෂ්‍යකරණය කිරීමේ මෘදුකාංග
Saru FM Media