හෙරොයින් ළඟ තබාගත් කතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

0
8

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 

2021 වසරේ සැප්තැම්බර් මස 15 වනදා හෝ ඊට ආසන්න දිනයක කෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් පසුව හෙරොයින් මත්කුඩු ශුද්ධ බර ග්‍රෑම් 42.23ක් සන්තකයේ තබාගැනීම ජාවාරම් කිරීම සහ මත්ද්‍රව්‍යවලින් උපයා ගත් රුපියල් ලක්ෂ 50ක මුදලක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

එහෙත් හෙරොයින් මත්කුඩු ජාවාරමින් රුපියල් ලක්ෂ පනහක මුදලක් උපයා ගත් බවට එල්ල කර තිබූ චෝදනාවලින් විත්තිකාරීන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here