චාමර සම්පත්ට එරෙහි පැමිණිල්ලක විමර්ශන අවසන්

0
7

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනු කර තිබෙන පැමිණිල්ලක විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අද (18දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කළ පසු අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව අද යළි කැඳ වූ අවස්ථාවේ විමර්ශන නිළධාරීන් මේ බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවන ලදි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here