එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර් 2026 පෙබරවාරි 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත
වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර, අද්මිරාල් කේලර් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සමඟ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම, අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වූ පොදු වටිනාකම් පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.
ලොව විශාලතම නාවික බලඇණි විධානය වන එක්සත් ජනපද පැසිෆික් බලඇණිය ලෝකයේ අඩකට ආසන්න ප්‍රදේශයක් පුරා ක්‍රියාත්මක වෙමින්, වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කරමින් සහ ඉන්දු- පැසිෆික් කලාපය පුරා හවුල්කරුවන් අතර සම්බන්ධතා ශක්තිමත් කරයි.
අද්මිරාල් කේලර් ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය, ගෝලීය සමුද්‍රීය මාර්ග එකිනෙක හමුවන මධ්‍යස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ භූමිකාවට එක්සත් ජනපදය ලබාදෙන උපායමාර්ගික වැදගත්කම අවධාරණය කරයි.
Saru News










