මීටියාගොඩ ඝාතනයට පැමිණි යතුරුපැදිය අල්ලයි

0
7

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුකළ වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය බද්දේගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.

බටපොල – බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබු එම යතුරුපැදිය බද්දේගම පොලීසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇති බව වාර්තාවේ.

වෙඩික්කරුවන් මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතර තුර යතුරුපැදිය මඟ දමා යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ අවන්හලක ඊයේ (18දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගිය අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අවන්හලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ කාන්තාවට මෙලෙස වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට පොලීසිය සැක පළකරන අතර සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here