චීන රොබෝ බල්ලෙකු තමන්ගේ සොයාගැනීමක් ලෙස පැවසූ ඉන්දියානු සරසවිය AI සමුළුවෙන් ඉවතට

0
3

චීනයේ නිෂ්පාදිත මිල දී ගත හැකි රොබෝ බල්ලෙකු තමන්ගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ ඉන්දියානු විශ්ව විද්‍යාලයක් ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන AI සමුළුවට සමගාමීව ඇති ප්‍රදර්ශන කුටියෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධය පවසයි.

අදාළ රොබෝ බල්ලා චීනයේ නිෂ්පාදිත Unitree Go2  රොබෝව ලෙසත් එය  ඩොලර් 2,800 කට පමණ මිල දී ගත හැකි බවත් එය ගෝලීය වශයෙන් පර්යේෂණ හා අධ්‍යාපනය කටයුතු සඳහා බහුලව භාවිතා කරන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වී තිබේ.

මෙම සිද්ධිය දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති අතර ඉන්දියාවේ කෘතිම බුද්ධි සම්බන්ධ දැනුම සහ ඒ හා සම්බන්ධ කටයුතු කෙරෙහි දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත් අදාළ ඉන්දීය විශ්ව විද්‍යාලයේ සාමාජිකයින් විසින් පසුව පවසා ඇත්තේ රොබෝවරයා විශ්ව විද්‍යාල නිර්මාණයක් නොවන බවත් විශ්ව විද්‍යාලය කිසි විටෙකත් එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්ය.

ප්‍රදර්ශන කුටියෙන් ඉවත් කිරීඹ සම්බන්ධයෙන් මේ වන තෙක් අදාළ විශ්ව විද්‍යාලය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් වේ.

නවදිල්ලියේ භාරත් මණ්ඩපම් හි පැවැත්වෙන ඉන්දීය AI Impact සමුළුව ගෝලීය වශයෙන් ප්‍රධාන රැස්වීමකි.

මානව වර්ගයාගේ යහපත උදෙසා AI වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙයි.

දින පහක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් එක්ව සිටිති. 

සමුළුව ආරම්භ වුයේ පසුගිය 16 වනදා වන අතර එය එළැඹෙන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වේ.

මේ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගීව සිටි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here