ගල් අඟුරු වංචාව බැඳුම්කරේටත් වඩා ලොකුයි; ඇමැති සොයාගත් අලුත් මාෆියාව

0
3

මෙරටට ආනයනය කළ ගල් අඟුරු නැව් තුනක අඩංගු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසකට ආසන්න ප්‍රමාණයක ගල් අඟුරුවල තිබිය යුතු නියමිත කැලරි අගය වන 5900 ත් 6100 ත් අතර අගයට වඩා අඩු බව ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කර තිබෙන වාර්තාවේ පැහැදිලිව දැක්වෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙරටට ගෙන ආ ගල් අඟුරු නැව් තුනක්ම නිසි ප්‍රමිතියට නොමැති බව මෙයින් අනාවරණය වී තිබෙන බව එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි.

විදුලි බිල ඉහළ යන්නේ ජනතාවගේ වැරැද්දක් නිසා නොවන බවත් වර්තමානයේ ගල් අඟුරු ගනුදෙනු සහ විදුලි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ බරපතළ සැකයක් මතුව තිබෙන බවත් එම සංගමයේ ජාතික ලේකම්වරයා පැවසුවේ කොළඹ බෞද්ධ මන්දිරයේදී ඊයේ (18)පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම ගල් අඟුරු නැව් තුනෙන් මෙරටට ගෙනා ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරුවලින් සිදුවූ පාඩුව වසා ගැනීමට ඒ වෙනුවට විශාල දඩ මුදලක් ආණ්ඩුවට ලැබුණු බව පවසමින් ජනතාව මුළාවේ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව ද එහිදී ඔහු කියා සිටියේය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා මෙහිදී කියා සිටියේ ගල් අඟුරු වංචාව සඳහා ප්‍රසම්පාදන කාලය වෙනස් කළේ සැපයුම්කරුවන්ට වාසි වන ලෙස කොන්දේසි වෙනස් කිරීමට බවය. 

එමෙන්ම මෙය බැඳුම්කර වංචාවටත් වඩා එහා ගිය වංචාවක් බවත් එයින් සිදුවන පාඩුව විදුලි පාවිච්චි කරන්නන්ගේ බිලට එකතු කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ යුතු බවත් එම පාඩුව ආණ්ඩුව විසින් වගකිවයුතු පාර්ශ්වකරුවන්ගෙන් අය කරගත යුතු බවත් ඔහු මෙහිදී පැවසුවේය.

වීදි ලාම්පු සඳහා වෙනම බද්දක් අය කිරීමටත්, අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහන වසරකින් පසු ඉවත් කිරීමටත් සූදානමක් පවතින බවත් එමෙන්ම ජාතික විදුලි ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දැක්වීමට දින දෙකක කාලයක් පමණක් ලබාදීමද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට විරුද්ධ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

මෙම මාධ්‍ය හමුවේදී ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බවට නොරොච්චෝල රසායනාගාරයෙන් නිකුත් කළ වාර්තාද මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී. 

අලුත් මාෆියාව

මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටින්නේ විලිබල නිශ්පාදනය තුළ තෙල් මාෆියාව පමණක් නොව, සෝලාර් මාෆියාවකුත් ඇති බවයි.

එය කඩා දමන බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

සෝලා අධෛර්ය කිරීම..

කෙසේවුවද, වත්මන් බල ශක්ති අමාත්‍යවරයා බලයට පත්වීමෙන් පසුව සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සඳහා ලබාදෙන විදුලි ඒකකයකට ගෙවූ මුදල රුපියල් 37 සිට රුපියල් 15 දක්වා  මේවන විට පහල බස්සවා එම ක්ෂේත්‍රයේ ආයෝජන අධෛර්යමත් කර ඇති බව එම ක්ෂේත්‍ර ප්‍රවීනයෝ චෝදනා කරති.

එසේ රුපියල් 15 කට පමණ ලබා ගන්නා විදුලි ඒකකයක් ජනතාවට අලෙවි කරනු ලබන්නේ රුපියල් 50ක් පමණ අගයකට බව බව පවසන එම ක්ෂේත්‍ර ප්‍රවීනයෝ කියා සිටින්නේ පොසිල ඉන්ධන දහනය කිරීම මගින් උත්පාදනය කරනු ලබන විදුලි ඒකකයක් වෙනුවෙන් කාර්යබහුල වේලාවන්වලදී රුපියල් 85ක් ගෙවන බවයි.

📌 සබැඳි පුවත් :

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here