ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

0
4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

ඊයේ (18) රාත්‍රී නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව සිදුව ඇත.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

“AI Impact Summit 2026” සමුළුව සඳහා සභගිවීමට ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එම සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව මෙම සමුළුව සඳහා සභාගීවීමට ජනාධිපතිවරයා පසුගිය 17 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය.

කෘතිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් රාජ්‍ය නායකයින් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නුවර මෙම සමුළුව පැවැත්වේ.

දින පහක් පුරා පැවැත්වෙන සමුළුව සදහා රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් එක්ව සිටින බව සඳහන්ය.  

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here