ගෙදර දොර ගැටළු විසඳා ගැනීමට PDCA ක්‍රමය අනුගමනය කරන්න

0
14


එදිනෙදා ගෙදර දොරදී අපට බොහොමයක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා.ඉතින් ඒ ගැටළු වලට සාර්ථක විසඳුම් නොලැබුණොත් ඒවා අපව මහත් සේ පීඩාකාරී තැනකට ගෙනයාමට තරම් ශක්තිමත් වෙන්න පුළුවන්.ඉතින් ගෙදර දොර කළමනා මිලදී ගැනීමේ සිට සියලුම කටයුතු වලට යොදා ගත හැකි තාක්ෂණයක් පිළිබඳවයි අප ඔබව දැනුවත් කරන්න යන්නේ. එය හඳුන්වන්නේ PDCA ක්‍රමවේදය නමින්.

මේ ක්‍රම වේදය උග් ස්වාට් මහතා ඉදිරිපත් කලේ බෙල් ආයතනයේ ගැටළුවක් විසඳීම සඳහාපසුව එය මනාව ඔප දමා නිසි පිළිවෙලකට ලෝකයට රැගෙන ආවේ එඩ්වර්ඩ් ඩේමින්ඔහුට ගරු කිරීමක් ලෙසට මේ ක්‍රම වේදය ඩෙමින් චක්‍රය ලෙසත් හැඳින්වෙනවාඅපේ එදිනෙදා කටයුතු මේ ක්‍රම වේදය යටතේ ඉතාමත් පිළිවෙලට සකසා ගැනීමට ඉඩ හසර අප වෙත ලැබී තියෙනවා.

ඩෙමින් චක්‍රය සැලසුම් කරණයක්‍රියාත්මක කිරීමවිශ්ලේෂණය කිරීමනැවත ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන කොටස් හතරකින් යුතු වෙනවා.

මොන දේටත් හොඳ සැලසුමක් ඕනෑමයිසැලැස්ම සකස් කරගැනීම සඳහා 5W2H ක්‍රමය යොදා ගන්න පුළුවන්.

අද කරන්න ඕනා දේ අදම කරන්න ඕනාහෙටට කල් දාන්න එපාසැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වග බලාගන්න.

අපි කවුරුත් කැමතියි ඵලදායි ගෘහණියක වීමටඉතින් සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කිරීමේදී එය නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන්න ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනාබලාපොරොත්තු වුන දේ නිසි අයුරින් ඉටු වුනාදක්‍රියාත්මක වනවාදවැය වන මුදලට සරිලන ලෙස බලාපොරොත්තු වූ දේ ලැබෙනවාද යන්න දැන ගැනීම සඳහා විශ්ලේෂණය කල යුතු වෙනවා.

ඉතින් ඔන්න ගැටළු ආවට මීට පස්සේ බය වෙන්න දෙයක් නෑඩෙමින් චක්‍රය අපේ උදව්වට ඉන්නවාඒ වගේම නිවසත් එක්තරා දුරකට ආයතනයක් නිසා දක්ෂ කළමනාකාරිත්වයක් තිබුනොත් කටයුතු මනාව පහසුවෙන් පවත්වා ගන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here