දරුවන්ගෙන් ඉගෙනගනිමුද

0
11


ම්ම්ම්… වැරදිමක්ද කියලා සමහරවිට මේ මාතෘකාව දකින ඔබ සිතාවිනැහැකිසිම වැරදීමක් නැහැඇත්තටම දරුවන්ගෙන් ඉගෙන ගන්නටයි අපි යන්නේ ……..

නැහැ ,දරුවන්ට අපට වඩා දැනෙනවා .ඔවුන් සියල්ලටම සංවේදියි.ඒ වගේම සියල්ලම පිලිබඳ කුතුහලයකින් පසු වෙනවා.ඒ නිසා අපි බලමු එයාලගෙන් මොනවද අපට ඉගෙන ගන්න තියෙන්නේ කියලා ………..

ඔබ ඉතා හොඳින් නිරීක්ෂණය කළොත් පෙනේවි දරුවන් නිතරම සතුටින් සිටීමට කැමති බව සහ එසේ සිටින බව .නිතරම තමන්ව සතුටු කරන දෙයක් සොයා ගැනීමට ඔවුන් දක්ෂයි.ඉතාමත්ම ඉක්මණින් තමාගේ අයහපත් සිතුවිලි ඉවත් කර සතුටෙන් සිටීමේ ට්‍රැක් එකට වැටීමට ඔවුන් දක්ෂයි .

වැඩිහිටියන් තමන් අඳුනන්නේ නැති කෙනෙක් සමඟ සිනහවෙනවා හරි අඩුයි .පොඩ්ඩක් හිනා වුණා කියලා නැති වෙන දෙයක් නැති වුණත් තව කෙනෙකුට ප්‍රසන්නව සිනහවකින් සංග්‍රහ කිරීමට බොහෝ වැඩිහිටියන් පැකිලෙනවා.නමුත් දරුවන් එසේ නැහැ .ඔවුන් ලෝබ නැතිව සිනා සෙනවා වගේම ඉතාමත්ම ඉකමනින් මිතුරු සම්බන්ධතා ගොඩ නගා ගන්නවා.

වැඩිහිටියන් විදියට අපට ටිකක් අමාරු දෙයක් තමා මේක .ඒත් අවස්ථාවට අනුව හැසිරෙන්න දරුවන් හරිම දක්ෂයි.ඒ අවස්ථාව පහසු එකක් වුවත් අපහසු එකක් වුවත් ඔවුන් තමන්ට ප්‍රිය කුමක් හෝ ඉන් ග්‍රහණය කරගන්නට හරිම දක්ෂයි.

තමන්ගේ සුපුරුදු ඒකාකාරී චර්යාවෙන් මිදිලා අලුත් දේවල් ඉගෙන ගන්න අලුත් ක්‍රියාකාරකම් වල යෙදෙන්න දරුවන් හරිම කැමතියි .ඒ නිසා ඇත්තටම ඔවුන් ගේ ළමා කාලය හරිම විචිත්‍ර වත් එකක් .වැඩිහිටියන්ටත් මෙන්න මේ වැඩේ අල්ල ගත්තොත් කියලා වැඩක් නැහැ.නොදන්නා දේවල් කොච්චර නම් තියෙනවද මේ ලෝකේ .

දරුවන් හරිම විනය ගරුකයි.පාසලේදී පාර මාරු විය යුතු තැන ඉගෙනගත් දරුවෙකු ඉන් පිටත තැනකින් පාර මාරු කරවන්නට හදිසියෙවත් ගියොත් ඔබ සෑහෙන අපහසුවකට ලක්වෙනවා නියතයි .දරුවා තමා ඉගෙනගත් දෙය නිවැරදිව පිළිපැදීමටයි කැමති.වැඩිහිටියන් ද ඔවුන්ගෙන් ඉගෙන ගත යුතු දෙය වන්නේ එයයි .

මෙන්න මේ ටික අල්ල ගත්තොත් එයාලගෙන් වැඩිහිටියෝ විදියට මීට වඩා සතුටෙන් ඉන්න අපටත් පුළුවන් අනිවාර්යයෙන්ම .

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here