නිවසේ ආරක්ෂාවට මේ ගැනත් හිතන්න

0
11


නිවෙස් සුරක්ෂාව කියන කාරණය නිවෙස් සිටින සියල්ලන්ටම බලපාන කාරණයක්.  ඉතිං මේ කරුණු ගැන අවධානයෙන් හිටියොත් ආරක්ෂාව වගේම සෞඛ්‍ය සහ මුදල් ඉතිරියත් හොඳින්ම සිදුවෙයි.

විශේෂයෙන් කුඩා දරැවන් ඉන්න නිවසක නම් මේ ගැන හෙඳ අවධානයෙන් සිටිය යුතුයි. මොකද පුංචි දරුවෝ සමහර වෙලාවට ශිතකරණයේ උෂ්ණත්වය වෙනස් කරනවා. මේ නිසා එහි ඇතුලත තියෙන ආහාර නරක් වෙන්න පුළුවන් වගේම ගෙදර විදුලි බිලටත් මේ කාරණය හොදටම බලපානවා. අවශ්‍ය ප්‍රමාණයට ශිතකරණයේ උෂ්ණත්වය ස්ථාවරව තබා ගන්න අඩුම වශයෙන් දවසකට වරක් හෝ මෙහි මීටරය පරීක්ෂා කරන්න සැලකිළිමත් වෙන්න.

මෙම කාර්යය නම් අඩුම වශයෙන් සතියකට වරක් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. වැහි පිළි වල කොළරොඩු සිරවීම හේතුවෙන් මදුරැවන් බෝ වෙන්න තියෙන අවස්ථාව ඉහළයි. ඩෙංගු වගේ මරාන්තික රෝග වලින් නිවැසියන් ආරක්ෂා කර ගන්න වගේම වැහි පිළි උතුරලා සිදුවන ගෙමිදුල අවලස්න වීම සහ අපිරිසිදු වීමත් මේ මගින් නැති කර ගන්න පුළුවන්.

නිතර නිතර ජලය වෑස්සෙන ජල කරාම තියන්නේ නිවසකට අවලස්සනක් වගේම අමතර වියදමක්. මොකද ජලය අපතේ යනවිට ජල බිල්පත ඉහළ යනවා වගේම වතුර මෝටරය නිතර ක්‍රියාත්මක කරන්න වුනොත් විදුලි බිල්පතට විශාල පිරිවැයක් දරන්න වෙනවා. අනෙක ජලය නිතර රැඳිලා තිබීම හේතුවෙන් ගෙබිමත් අපිරිසිදු වෙලා අවලස්සන වෙනවා.

නිවසක ඉදිරිපස දොර කියන්නේ එහි ආරක්ෂාව වගේම නිවසේ සුන්දරත්වයටත් ඉවහල් වන අංගයක්. මේ නිසා සෑමවිටම ඉදිරිපස දොර ශක්තිමත් බවින් වැඩිවිය යුතුයි. මේ දොර නිතර අව් වැසි වලට මුහුණ දෙන නිසා ඒ උවදුරු හමුවේ වුනත් පැහැය ආරක්ෂා වන ආකාරයේ අලේපනයක් යෙදිය යුතුයි.

ජනෙල්වල ආරක්ෂාව පිළිබඳව හොඳින්ම අවධානය යොමුකළ යුත්තේ මේ හරහා සොර සතුරන්ට වගේම සතා සර්පයන්ටත් නිවසට ඇතුල් වීමට හැකියාව තියෙන නිසා. මේ නිසා ශක්තිමත් ජනෙල් යෙදිය යුතුයි වගේම ඒවායේ සරනේරු හා අගුල් පළිබඳව විශේෂයෙන් අවධනායක් යොමුකළ යුතුම දෙයක්.

බොහෝවිට නිවසේ ගරාජයේ දොර පිළිබඳව තියෙන්නේ අඩු අවධානයක්. මෙය අගුලක් යොදලා වහලා තියන්නේ හරිම අඩුවෙන්. එත් නිවසක ආරක්ෂිතම ස්ථානයක් විය යුත්තේ ගරාජය. මේ නිසා එයට හොඳ ශක්තිමත් අගුලක් යොදලා වහලා තියන්න පියවර ගන්න ඕන. නැතිනම් සර්පයන් මෙන්ම වෙනත් සතුන් වුනත් ගරාජයට රිංගලා නිවැසියන්ට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නිසා. අනික ඉතිං තමන්ගේ වාහනයට වුනත් මේ නිසා හොඳ ආරක්ෂාවක් ලැබෙනවනේ.

නිවසේ දොර ජනෙල් සවිකරලා තියෙන සරනේරු ඒවා නිතර අරින වහන නිසා බුරුල් වෙන්න පුළුවන්. මේ නිසා මාසයකට වතාවක් විතර මේ පිළිබඳව අවධානය යොමුකරලා ඒවා සවිකරන්න පියවර ගන්න එක ආරක්ෂාවට හරිම වැදගත්.

– එරන්දතී විජේකෝන් –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here