ගෙදර ගොඞගැහෙන රෙදි කන්ද මට්ටු කරන smart tips

0
13


ගෘහණියක් හැටියට ඔබ බොහොම කරදරයට පත් වෙන තැනක් රෙදි සේදීම. ඔබ කුඞා දරුවන් දසිටින මවක් නම් මේ තත්වය තවත් සන්කීර්ණ වෙනවා.නමුත් ඔබ කරදරයට හා කලබලයට පත් කරන රෙදි සේදීම පහසු දෙයක් කර ගන්න බැරිකමක් නැහැ.කළ යුත්තේ අපි ඒ ක්‍රම හඳුනා ගැනීම.

එදිනෙදා තමන්ගේ, පවුලේ අයගේ අැදුම් සේරම හෝදන අයත් රැකියාව නිසා කාර්යබහුල වීම නිසා සතියක අැඳුම් එකතු කරල සෝදන අයත් ඉන්නවා. ඹබ එවැනි අයෙකු නම් මේ ටිප්ස් ඔබට වැදගත් වේවී

ඒ වගේම ඔබට රෙදි සේදීම සම්බන්ධව කාල සටහනක් තිබීම වැදගත්.

නිවසේ තිර රෙදි , ඇඳ ඇතිරිලි හා පොරෝණා මුළුතැන් ගෙයට භාවිතා කරන ඒප්‍රන් හා අත පිස්නා, පාපිසි, තුවා ආදිය කොපමණ කලකට වතාවක් සෝදනවාද යන්න නිශ්චිත කාලසටහනකට අනුව කිරීම ඔබගේ පිරිසිදුකම ,කාලය යන සියල්ලටම ඉතා වැදගත් .නිතර නොසෝදන මේ දේවල් සෝදන්නට කාල සටහනක් සකසා ගන්න අමතක කරන්නට එපා.

ඒ වගේම සබන් කුඩු හෝ සබන් දියර (Liquids) තෝරා ගැනීමේදී තමන්ගේ සමට බලපෑමක් නැති වර්ගයක් තෝරා ගන්න. රෙදි සෝදන යන්ත්‍රයට සුදුසු සබන් කුඩුද, සබන් දියරදැයි සැලකිලිමත් වෙන්න .

හිරු එළියේ රෙදි වේලා ගන්න, වැසි දිනවල ස්ත්‍රික්ක කරන්න. තෙත් බව ඉතිරි වන ඇඳුම් පුස් බැඳීමට ලක් වෙනවා වගේම සෞඛ්‍යයට ද අහිතකරයි.

රෙදි සේදීම ගැටලුවක් නොකර සැහැල්ලු දෙයක් බවට පත් කරගැනීමට මේ ක්‍රම ඔබට උදව් වේවි.

– නිබන්ධිකා වන්නිනායක –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here