දැන්වත් රැවටීම නවතා ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් දෙන්න

0
8

විපක්‍ෂ නායක සජිත් කියයි

ලක්‍ෂ 41 කට වැඩි පාසල් දරුවන් පිරිසට නිදහස් අධ්‍යාපනය ලබාදීමට 22,000 ක් පමණ වූ ගුරු සංවර්ධන නිලධාරීන් කටයුතු කළ බවත් ඒ අතරින් මේ වනවිට ඉතිරිව සිටින්නේ 16,600 ක් පමණක් බවත් සෙසු අය කලකිරීම නිසාම ඉවත් වී ගිය බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරතව සිටි ගුරු සංවර්ධන නිලධාරීන් ඇතුළු රැකියා විරහිත උපාධිධාරීන් ඊයේ (17දා) හමුවූ අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා මේ බව කීය.

මැතිවරණ සමයේ දුන් පොරොන්දු කඩ නොකර 16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයේ පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි ඒ මහතා කතිරය ගැනීමට ආණ්ඩුව බොරු පොරොන්දු දුන් බවත් පැවැසීය. ඒ සම්බන්ධයෙන් දැන් ජනතාව දැනුවත් බැවින් රැවටීම නතර කළ යුතු බවත්, මොවුන්ට රැකියා ලබාදෙන තුරු මේ සටනට නායකත්වය ලබාදෙන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජාතා ජයරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here