පොලිස් මාධ්‍ය කොට්ඨාසය
ත්‍රිකුණාමලය සම්බුද්ධ ශ්‍රී ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ පෙරේදා (16දා) හටගත් සිදුවීමේදී කිසිදු අවස්ථාවක මහා සංඝරත්නයට හෝ මහජනතාවට පොලිසිය විසින් පහරදීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව අනවසර ඉදිකිරීමක් නැවැත්වීමට යෑමේදී එම ස්ථානයට රැස්වූ පිරිස කලහකාරී ලෙස හැසිරීම පාලනය කිරීම පමණක් පොලිසිය විසින් සිදුකළ බව ද පවසන පොලිස් මාධ්‍ය කොට්ඨාසය මෙම සිදුවීම මුල්කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් බුද්ධ ප්‍රතිමාවට හානියක් සිදුකළහොත් ඇතිවිය හැකි ගැටුම් සලකා බලා බුද්ධ ප්‍රතිමාව ආරක්ෂිතව ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත වැඩමකරවූ බව ද ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී වීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ බුද්ධ ප්‍රතිමාව නැවත වැඩමකරවීමට කටයුතු කළ බව ද පවසයි.
එහි මෙසේ ද දැක්වේ.
2025.11.16 වන දින ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ගරුතර ස්වාමින් වහන්සේලා හා දායක පිරිසක් විසින් 2025.11.16 වැනි දින ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙස දන්වා ඇතත් ඉදිකිරීම නොනවත්වා සිදු කර ඇත.
මෙම බුදුපිළිමය තැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානය ද, මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත්, මෙයට පෙර කොටුව පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට පරිසර අමාත්‍යාංශය මගින් 2025.10.16 වන දින ලිඛිතව දැනුම් දී තිබී ඇති පසුබිමක 2025.11.16 වන දින මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදුපිළිමය ස්ථාපිත කිරීම සිදුවී ඇත.
Saru FM Media









