දියවඩන නිලමේ නිලවරණයට එන බව මහනායක හිමිවරුන්ට දැනුම් දෙමින්…

0
15

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා පැවැත්වෙන නිලවරණයට තමන් ඉදිරිපත් වන බව මහනුවර කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පෙරේදා (04) මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක දැහැත් පිළිගන්වා නිල වශයෙන් දැනුම් දී තිබේ.

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ 10 අවුරුදු ධුර කාලය 07 වැනිදායින් අවසන් වන අතර නව දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීම සඳහා වන නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් මාස තුනක් ඇතුළත පැවැත්විය යුතුව ඇත.

මේ වනවිට ප්‍රදීප් නිලංග දෑල, මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකාරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ යන මහත්වරුන් ද මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට දැහැත් දී දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත් වන බව දැනුම් දී ඇත.
සමන්තී වීරසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here