ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය පෙණෙන මලල ක්‍රීඩා උළෙලක්

0
3

ජාත්‍යන්තර කියන්නෙ බර වචනයක්.නැත්නම් බරපතල කම සහිත හැඟවුම්කරණයක්.මේ විදිහට වෙන්න තියෙන පළමු හේතුව රාජ්‍යයකට හුදෙකලාව පවතින්න ගෝලීය සංකල්පය තුළ ඇති අඩු ඉඩ නිසයි.ඒ නිසා රාජ්‍ය දේශීය වූ සීමාවන් අතික්‍රමණය කරමින් ළඟා කර ගත යුතු ජාත්‍යන්තරය වඩාත් සමීප පුරවැසි සමාජයක් රටකට තිබීම වැදගත් වෙනවා.ඒ සමීපත්වය ඇති කරන සම්බන්ධතාවයන් අතර වැදගත්ම සාධකය වන්නේ දැණුමයි.දැණුම හුවමාරු ජාත්‍යන්තර සංස්කෘතිය තුළ විද්‍යාව වේවා,තාක්ෂණය වේවා අවබෝධ කර ගැනීමේ මෙවලමක් හැටියට භාෂාව පිහිටට එනවා.

මේ භාෂාව ජයගැනීමේ සමාජ ව්‍යහුය සකස් කිරීමේ වැදගත්කම වෙනුවෙන් කළ යුතු බලපෑම දේශපාලනික වශයෙන් පසු බා තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ සමහර විට අඩු පහසුකම් මෙන්ම සම්ප්‍රදායික අධිරාජ්‍යවාදී යැයි විශ්වාස කරන ජාත්‍යන්තර දැණුම සම්බන්ධයෙන් මිනිස් සිතුවිලිවල තිබෙන අකමැත්ත ද විය හැකියි.ඒවා නිසා ජාත්‍යන්තර පාසල්,විශ්ව විද්‍යාල වගේම බොහෝ ජාත්‍යන්තර ව්‍යාපාරවලට ද රටට ඒම නැවත්වීමේ දේශපාලන විරෝධයන් අපට නුහුරු නැත.

වත්මන් රජය මේ අදහස දේශපාලනික වශයෙන් පොළවේ පවත්වා ගනිමින් ශක්තිය ලබා ගන්නට වෙහෙසුණු ව්‍යාපාරයක් වන අතර එහෙත් අද වන විට රට පාලනයට අවශ්‍යයව ඇති ජාත්‍යන්තර සබඳතා ගැන,බලයට ඒමට පෙර තිබුණු දෘෂ්ඨියෙන් මිදි බලන්නට උත්සාහ කරන බවක් දකින්නට ඇත.

සමාජය තුළ පවතින අනවබෝධය මත යැපීමට ජාත්‍යන්තර ප්‍රවේශයන් නොසළකා හැරිය ද,දේශපාලනයෙන් බලයට පත්වන සෑම පක්ෂයකම පාහේ පිරිස් සියල්ලම පාහේ ඉහළ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ වරප්‍රසාදය අත හැර නැති බව තේරුම් ගන්නට හැකිය.ඒ අධ්‍යාපනයේ ඉහළ සීමාව ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි භාෂා ඥාණයට ඇති වපසරියේ පළල මත තීරණය වන්නකි.

ඒ සඳහා රජයට බරක් නොවී ඉංග්‍රිසියෙන් හදාරන්නට උවමනා ඇති අයට සිය මුදලින් ඉගෙන ගන්නට තැණුන ලාංකේය වේදිකාව හැටියට ජාත්‍යන්තර පාසල් හැඳින්විය හැකියි.කාලයත් සමඟ ඊට එරෙහි මතධාරීන්ට ද තමන්ගේ දරුවන්ගේ අනාගතයට ඇති වටිනාකම තේරුම් ගෙන එම පාසල් පද්ධතියට දරුවන් ඇතුළත් කර ගත්තේ වුව ද,ශ්‍රී ලංකාවේ එවැනි සරසවි නිර්මාණය වන්නේ ද,මේ බොහෝ දරුවන්ට තමන්ගේ විෂය පද්ධතියට අනුව ඉහළට ඉගෙන ගන්නට ලංකාවේ ඉඩක් නැතිවීම ද සාමාන්‍ය තත්ත්වයකි.

විශේෂයෙන් අදාළ විෂය ධාරාවන්ගෙන් ඉහළ ප්‍රතිපල ගත්ත ද ඉහළට ඉගෙන ගන්නට ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ නැති අතර ඔවුන්ට ඒ සදහා ඉඩ ඇති විදේශ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාලවලට වඩා ශ්‍රේණිගත කිරීමෙන් ඉහළ පිහිටා තිබීම ද මෙහිදි අවධානය යොමු කළ යුතුය.සමහර විට එවැනි විෂය ධාරාවන්ට ශ්‍රී ලංකාව තුළ රජයේ ද මැදිහත්වීම ඇතුව යම් පිරිසකට අඩු මුදලකට අධ්‍යාපනය ලබා දීම කළ හැකිනම් වැදගත් වුව ද,එය රජයේ විශ්ව විද්‍යාල තුළ ඉඩ නොමැති තැනින් නැවතී ඇත.එය කැමත්තෙන් රාජ්‍ය අධ්‍යාපනය පසුපසින් තබා ගැනීමක් ලෙස ද ඇතැමෙකුට තර්ක කරන්නට හැකිය.

ඉන්පසු විවර වෙන ඉඩකඩ ඇතුළත රාජ්‍ය අංශයට වඩා මූල්‍යමය වශයෙන් පොහොසත් පෞද්ගලික වූ වානිජමය වටිනාකම් සහිත සමාජය ද යොමු වන්නේ ඉහළ දැණුමක් සහිත පිරිස වෙත වෙන අතර මේ සටහනට පාදක වන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රිඩා උළෙල අනුග්‍රහයන්ගෙන් පොහොසත් වීම ඊට සරල උදාහරණයක් ලෙස ගත හැකිය.
ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල ලියලන්නේ කුමන පදනමක් සහිත බිමක සිට ද යන්න ක්‍රීඩා උළෙලේ ප්‍රේක්ෂකයෙකු වීමට පෙර වැදගත් වනු ඇත.ඒ පසුබිම මලල ක්‍රීඩාවට ද අදාළ එකකි.අද වන විට රජයේ පාසල් සමඟ තරග කරන්නට ඉඩ විවර වී තිබෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවේ ජයග්‍රහණ අතර විශාල ඉඩක් මේ වන විට ජාත්‍යන්තර පාසල් වපසරිය විසින් අත්පත් කර ගෙන ඇත.අනෙකුත් බොහෝ ක්‍රීඩාවන්වලදී ද ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස ජාත්‍යන්තර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකින්නට ලැබීම දුලබ දෙයක් නොවේය.මලල ක්‍රීඩාවේ තත්ත්වය ද එයය.
ඒ නිසා ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල පැවත්වෙන 21 සහ 22 ඊ ළඟ පරම්පරාවේ ජයග්‍රහණ සඳහා සූදානම් වන ශරීරවල ජවය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සිය හපන්කම් පාන බව අප දත යුතුව ඇත.ඒ අතර ජාත්‍යන්තර පදක්කම්ලාභින් ද,ජාතික තලයේ ජයග්‍රාහකයින් ද,ජාත්‍යන්තර පිටියේ දක්ෂතා දක්වන ලද අය ද සිටින නිසා ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සකස් වුණ වටිනාම ක්‍රීඩා උළෙලකි.

ඊ ලඟ තත්පරයේ ක්‍රීඩාවේ දස්කම් සමඟ වර්ධනය වන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසලෙන් ලැබෙන ජාත්‍යන්තරය සමඟ සබදතා පැවත්විය හැකි භාෂාමය යතුර මෙන්ම නූතණත්වයට පත් දැණුම සමස්ත ක්‍රීඩාවේම පැවත්ට වැදගත් වන අත්වැලක් ද විය හැකිය.ඉදිිරියේදී ලෝකය සමඟ සමගාමීව පහසුවෙන් පෙරට යන්නට අවශ්‍යය කරන මෙවලම් භාවිතය ජාත්‍යන්තර පාසල් දරුවෙකුට පහසුවෙන් කළමණාකරණය කරන්නට ද හැකි නිසා,ශ්‍රී ලංකාවේ වර්ථමාන ජාත්‍යන්තර පාසල් ක්‍රීඩකයාට රටේ ක්‍රීඩාවට යහපතක් කළ හැකි මාර්ග පහසුවෙන් ලෝකයෙන් විවර කර ගන්නට ලැබෙන ඉඩ විසින් අනාගතයේ පරිපාලනයේ වුව මේ ක්‍රීඩා පිටියේ දුවන පනින වීසි කරන අයට ඇති අනාගතය තේරුම්ගෙන කටයුතු කිරීම අතිශයින් වැදගත්ය.
මේ දුර පේන වානිජමය මනැස්වලින්,විශාල අනුග්‍රහයන් මේ ක්‍රීඩා උළෙලේදී හිඟ නොවීම ට අවශ්‍යය දැක්ම සකස් කරන්නේ තවත් අවුරුදු ගණනාවක ඉදරියට ය.ඒවා අනුග්‍රහම නොවන වානිජ අදහසකින් සළකා බැලුවොත් වානිජමය ආයෝජන ලෙස ද ගත හැකිය.

ඒ නිසා ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල පැවත්වෙන දින දෙක වඩාත් විමසිල්ලෙන් නැරඹිය හැකි අයෙකුට සහ එහි චර්යා පද්ධතිය විමසා බලන්නෙකුට මේ ලංකාවේ අනාගතය පෙණෙන මලල ක්‍රීඩා උළෙලක් වනු සැක නැත.පෙබරවාරි 21 සහ 22 ඔබේ මලල ක්‍රීඩා රුචිකත්වයට වගේම අනාගතවාදී අදහසක් ද ක්‍රීඩාවට ආදරයෙන් ගන්නට, දහස් ගණනක් පාසල් දරුවන්,පාසල් 23 ක් හරහා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට එකතු වෙද්දී ඔබට එකතු වන්නට හේතු සම්පාදනය කර දෙනු ඇත.

The post ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය පෙණෙන මලල ක්‍රීඩා උළෙලක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here