ගෝවා කිලෝවක් සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (17දා) ගැනුම් මිල රුපියල් 80කට පහත බැස තිබූ නිසාත්, ගොවි බිම්වලට පැමිණෙන වෙළෙන්දන් ඊටත් වඩා අඩු මුදලකට ගෝවා මිලදී ගැනීම නිසාත් නුවරඑළියේ ගෝවා වගාවේ නිරත උඩරට ගොවීහූ දැඩි අපහසුතාවට පත්වී ඇත.
ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවකට රුපියල් 80ක මුදලක් ගෙවුවද ගොවි බිම් තුළට යන වෙළෙන්දන් ගෝවා කිලෝවක් ලබා ගන්නේ ඊටත් වඩා රුපියල් 10ක් 20ක් පමණ අඩුවෙන් බවත් එම මුදල ගෙවනු ලබන්නේ විශාල ප්‍රමාණයේ ගෙඩිවලින් සමන්විත ගෝවා කිලෝවකට පමණක් බවද ඔවුහු කියති.
Saru FM Media









