පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් ඉකුත්(13)දා වත්‍තල ඇලකන්ද ප්‍රදේශයේ ගබඩාවක සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ 76 ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ වියළි මිරිස් කිලෝ 7600 ක් සොයා ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෙම ගබඩාවට මුද්‍රා තබා එහි අයිතිකරු අත්අඩංගුවට ගෙන බැඳුම්කර මත මුදා හැර ඇති අතර එම මිරිස් සාම්පල් රස පරීක්ෂණාගාරයක් වෙත යවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි නඩු කටයුතු ගැනීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීමේදි කල් ඉකුත් වූ දිනය හා නිෂ්පාදනය කළ දිනය ආදි තොරතුරු නොමැති වියළි මිරිස් කිලෝ 25 ඇසුරුම් 304 ක් සොයා ගත් බව උදය නාමල්ගම මහතා වැඩිදුරටත් පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ විමර්ශන නිලධාරීන් වන ශානිකා ඉහළවත්ත, හර්ෂ පෙරේරා, ජෆ්රීස්, කසුන් කුමාර සහ සිසිර මුදන්නායක යන නිලධාරීන් විසින් සිදු කරන ලදි.
ගම්පහ සමූහ – සුසිල් රණමුක
Saru FM Media









