පොලිසියේ ඉහළම පුටු 6කට මාරු

0
7

පතිනායක ඉවතට
පරිපාලනය සංජීවට
රන්මල්ට තවත් වගකීමක්

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනකු මාරු කර යවා ඇත.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශයකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් මෙම මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් පතිනායක මහතා විනය හේතුවක් මත එම තනතුරෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර ඇත.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර පළාත භාරව කටයුතු කළ සංජීව ධර්මරත්න මහතාය.

පුහුණු සහ උසස් පුහුණුවීම් අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා බස්නාහිර පළාත භාරව පත්කර තිබේ.

උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිස්ස ධනපාල මහතා උතුරු මැද පළාත භාරවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාත භාරවත් පත්කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ පුහුණු සහ උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ මහතා පත්කර තිබේ.

අපරාධ හා රථවාහන කොට්ඨාශ භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ, රථවාහන, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here