කැලිෆෝනියාවේ හිම අනතුරකින් පුද්ගලයින් 10ක් අතුරුදන්

0
3

කැලිෆෝනියාවේ කාසල් පීක් හි ඇති වූ හිම අනතුරකින් හිමමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදුණූ පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව තිබේ.

මීට අමතරව තවත් පුද්ගලයින් 06 දෙනෙකු සිරවී සිටින බවද සඳහන් වෙයි.

ඔවුන් මුදාගැනීම සඳහා ගලවා ගැනීමේ භටයින් 46 දෙනෙකු එරට බලධාරීන් විසින් යොදවා ඇති අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු ද අසීරු බව වැඩිදුර සඳහන් ය.

මේ අතර, එරට කාලගුණික තත්ත්වය තවමත් අයහපත් වන අතර, ඉදිරියේදීත් හිම කුණාටු ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව සඳහන් වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here