අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.
ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බල පැවැත්වෙන අතර, බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම සිදු වන බව සඳහන්ය.
හෙට (19) උදෑසන 6.00 ට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටී.
Saru News










