2025 වසරේ වඩාත් වටිනාම වෙළෙඳ සන්නාම 15 අතරටද පිවිසෙයි
Brand Finance ගෝලීය සන්නාම තක්සේරුකරණ සේවාව මඟින් ශ්‍රී ලංකාවේ කීර්තිමත් වටිනාම වෙළෙඳ සන්නාම 100 අතර LOLC ෆිනෑන්ස් පීඑල්සී සමස්ථ 14 වැනි ස්ථානයටත්, බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ පළමු ස්ථානයටත් නම් කර තිබේ. Echelon ව්‍යාපාරික සඟරාවේ අගෝස්තු කලාපයෙන් ප්‍රකාශයට පත්කර ඇති පරිදි LOLC ෆිනෑන්ස් රුපියල් මිලියන 11,528 ක සන්නාම වටිනාකමක් සහිතව AA+ සන්නාම ශ්‍රේණිගත කිරීමක් ලබා තිබේ. මෙම
ජයග්‍රහණය තුළින් LOLC ෆිනෑන්ස් ජාතියේ වඩාත් විශිෂ්ට වූ සන්නාම අතර සිය ස්ථානය තහවුරු කර ගන්නවා පමණක් නොව, සමස්ත ශේණිගතකිරීම්වලදී අනෙක් තරඟකාරී ආයතන වලට වඩා ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගනිමින් බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ සිය අවිවාදිත ආධිපත්‍යය ස්ථාපිත කරයි.
Brand Finance මඟින්, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 පිළිබඳව සිදුකරන වාර්ෂික ඇගයීම දිවයිනේ වඩාත් දැඩි සහ පුළුල් සන්නාම තක්සේරුකරණයකි. එහිදී වෙළෙඳ සන්නාමවල මූල්‍ය ක්‍රියාකාරිත්වය, ස්ථාවරත්වය, වෙළෙඳපොළ පිළිගැනීම, විශ්වසනීයත්වය සහ පාරිභෝගික විශ්වාසය මත එම ඇගයීම් සිදු කරන අතර, ක්ෂේත්‍රයේ අනිකුත් ආයතනවල ක්‍රියාකාරිත්වය සහ ගෝලීය ප්‍රමිතීන් මත පදනම්ව වර්ගීකරණයන් සිදු කරයි. LOLC ෆිනෑන්ස් ආයතනයට මෙම පිළිගැනීම ශේණිගත කිරීමකින් ඔබ්බට යන්නකි. එය LOLC ෆිනෑන්ස් හි තිරසර වෙළෙඳපොළ නායකත්වය, අසමසම වෙළෙඳ නාම වටිනාකම පිළිබඳ සාක්ෂියක් මෙන්ම, පාරිභෝගිකයන්ට සහ ප්‍රජාවන්ට පරිවර්තනීය වටිනාකමක් ලබාදීම තහවුරු කිරීමේ වාර්තාවකි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය. “මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ අවිවාදිත නායකයා ලෙස අපේ ස්ථාවරය පිළිබඳ ප්‍රබල සහතිකයකි. LOLC ෆිනෑන්ස්, ක්ෂේත්‍රයේ මුළු වත්කම්වලින් 20% ක්, ණය නිකුතු වලින් 25% ක් සහ සමස්ත ලාභදායිතාවයෙන් 36% ක් නියෝජනය කරයි. බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ සමාගම් 35 ක් අතර, LOLC ෆිනෑන්ස් කුඩා හා මධ්‍යම පරිමාණ මූල්‍ය, පෞද්ගලික මූල්‍ය, විකල්ප මූල්‍ය විසඳුම්, ෆැක්ටරින්, කෘෂි නිෂ්පාදන මූල්‍යකරණ සහ තවත් අංශ ගණනාවක ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වෙයි. එමෙන්ම අපේ ඩිජිටල් මූල්‍ය යෙදුම iPay, ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ අවකාශයේ විශාලතම යෙදුම ලෙස පිළිගැනෙන අතර, අපගේ iPay වේදිකාව දිවයිනේ විද්‍යුත් පසුම්බි ගනුදෙනු වලින් 60% කට වැඩි ප්‍රමාණයක් හසුරුවයි. අපගේ දැක්ම වන්නේ විධිමත් මූල්‍ය සේවාවන් සමාජයේ සියළු කොටස් වෙත ව්‍යාප්ත කිරීමෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ඇතුළත් කිරීම් වැඩි දියුණු කිරීමයි. Brand Finance ශේණිගත කිරීම මඟින් තහවුරු කරන්නේ අපගේ ගනුදෙනුකරුවන්, කොටස්කරුවන් සහ හවුල්කරුවන් දැනටමත් දන්නා සත්‍යයකි. LOLC ෆිනෑන්ස් යනු මූල්‍ය සේවා සපයන්නෙකු පමණක් නොවන අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය (NBFI) අංශයේ අනාගතය හැඩගස්වන බලවේගයකි.”
Saru FM Media









