ඉන්දියාවට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාර සූදානමක්

0
10

වාහන තිස් දෙකක් යොදා ගනිමින් ඉන්දියාවේ නගර ගණනාවකට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රස්ත කල්ලිය සැලසුම්කර තිබූ බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. පසුගිය සඳුදා නවදිල්ලියේ රතු බලකොටුව අසල පුපුරා ගිය බෝම්බයෙන් පුද්ගලයෝ දහතුන් දෙනෙක් මරණයට පත්වූහ.

මෙම වාහනය පැදවූයේ වෛද්‍ය උමාර් මොහොමඩ් විසිනි. මොහු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකි. මෙම බෝම්බය පුපුරා යෑමට දිනකට පෙර වෛද්‍යවරුන් හත්දෙනකු ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ පිරිසක් හර්යනා ප්‍රාන්තයේ අල්ෆලා විශ්වවිද්‍යාලයේ සේවය කරන අය වෙති. අයෝධ්‍යාවේ බාබි්‍ර මස්ජිඩ් පල්ලිය හින්දු අන්තවාදීන් විසින් කඩා දැමුවේ දෙසැම්බර් හයවෙනිදාවකය. එම ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය එල්ලකිරීමට මෙම ජිහාඩ් කල්ලිය කුමන්ත්‍රණය කර තිබිණි. මේ කණ්ඩායමට තුර්කියේ සම්බන්ධයක් ඇති බව ද හෙළිව තිබේ.

වෛද්‍ය උමාර මොහොමඩ් හා තවත් වෛද්‍යවරයකු මීට වසරකට පමණ පෙර තුර්කියට ගොස් පැමිණ තිබේ. දෙසැම්බර් හයවෙනිදා දිල්ලියේ ස්ථාන හයකට පහරදීමට මොවුන් සැලසුම් කර තිබිණි. එසේම ඉන්දියාව පුරා තවත් නගරවලට ද මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබිණි. මේ කණ්ඩායමට අයත් කාන්තා වෛද්‍යවරිය අලුතින් සාමාජිකයන් බඳවා ගැනීම සඳහා පුළුල් කාර්යයක් ඉටු කර තිබේ.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here