දැරියකට මරු කැඳවූ ප්‍රේමය ක් !

0
13

ගම්පොල , මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියක ඊයේ (14 ) රාත්‍රියේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කර තිබේ .සිද්ධිය ගැන ගම්පොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ තැනැත්තිය වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා , මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ . සැකකරු මේ වන විට හදුනාගෙන ඇත . සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලිසිය කටයුතු කරයි .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here