මනම්පිටියේ මාරක රිය අනතුරක්

0
14

ඊයේ (14 ) පස්වරුවේ , මනම්පිටිය පුදුකුඩු වැවෙහි වැව් බැම්මේ ඇති වංගුව අසලදී මාරක රිය අනතුරක් සිඳුව තිබේ . එහිදී , මලියදේවපුර දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් යතුරුපැදියකට ඉඩදීමට යාමේදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව වැව්බැම්මේ බෑවුමට ට්‍රැක්ටර් රථය පෙරළී තිබේ . රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ මුණුපුරා එම රථයට යටවීමෙන් බරපතල තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇත .එහිදී මුණුපුරා මියගොස් ඇත.

ජිවිතක්ෂයට පත් පුද්ගලයා , වයස අවුරුදු 15 ක් වූ සිංහඋදාගම, මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ . ට්‍රැක්ටර් රථයේ රියදුරුද තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්රිතිකාර ලබන අතර මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here