ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඊයේ (14දා) වැඩ භාර ගත්තේය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක මහතා වයස අවුරුදු 60 සම්පූර්ණවීම නිමිත්තෙන් පසුගියදා (13දා) සේවයෙන් විශ්‍රාම ගත්තේය.
1998 මාර්තු 02දා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබීමෙන් අනතුරුව 1998 සැප්තැම්බර් මස 15 වැනිදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස සේවයට එක්වූ රසික පීරිස් මහතා එතැන් සිට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හා අතිරේක මැතිවරණ කොමසාරිස් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙකි.
රසික පීරිස් මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එස්. ඒ. එල්. රත්නායක මහතා ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයෝ ද එක්වූහ.
Saru FM Media









