රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ LNW :
අද (18) දින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව පසුගිය ජනවාරි 28 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී දෙවන සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් අනතුරුව අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

The post හිටපු ජනාධිපති ලේකම් අද අධිකරණයට! appeared first on LNW Sinhala.
Saru News










