ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ඌව පළාත් තුන්වෙනි පෙළ ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් (01) සහ (02) යන දිනයන්හි දී පැල්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
රත්නපුර, බදුල්ල සහ මොණරාගල යන ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් තුනක් මෙහිදී තරග වැදිණි.
අවසාන තරගය රත්පුර සහ මොණරාගල රණමයුර යන කණ්ඩායම් අතර පැවැත්විණි.
අයහපත් කාලගුණය නිසා පන්දු වාර 47 කට සීමාවූ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රත්නපුර කණ්ඩායම ලකුණු 186 ලබාගත් අතර මොණරාගල කණ්ඩායම කඩුලු නවයක් දැවී එම ඉලක්කය පසු කර ජය ලැබීය.
මොණරාගල රණමයුර කණ්ඩායමේ නායකයා ලෙස චමින්ද රණවීර ක්‍රීඩකයා කටයුතු කළේය.
මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.එන් බණ්ඩාර මහතා විසින් ජයග්‍රාහකයන්ට කුසලාන පිනමන ලදී.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
Saru FM Media









