විවාහයෙන් ටික කාලයකට පසු ලිංගික ආකර්ෂණය බිඳ වැටීමට පිළියම්.

0
13


විවාහ ජීවිතය සුන්දරව පවත්වාගෙන යාම ඒ තරම් පහසු නැහැ.

එකිනෙකා අතර අවබෝධය, ආදරය, ආකර්ෂණය, සහයෝගීතාවය වගේම විවාහයකට හරිම වැදගත්.ඒ වගේම තමයි ලිංගික ජිවිතය.විවාහ වූ අලුත එකිනෙකා අතර පවතින තදබල ලිංගික ආකර්ෂණය විවාහයෙන් ටික කාලයකට පසු හීන වී යනවා.මෙය විවාහ ජීවිතයට තදබල ලෙස බලපානවා.

ආදරය ඉක්මනින් අවසන් නොවී,අනියම් සම්බන්ධතාවලට යොමු නොවී ,එකිනෙකාව නුරුස්සන තත්ත්වයට පත් නොවී හැමදාමත් ලිංගික ආකර්ෂණය තියාගන්නේ කොහොමද ?

අද අපි කතා කරන්නේ ඒ ගැනයි. මේ ලිංගික ආකර්ෂණය හොඳින් පවත්වාගෙන යන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් ටිප්ස් කිහිපයක්.

එකිනෙකාට ආකර්ෂණය වෙන්න ඔබ අතර කතාබහක් පැවතීම වැදගත්.එදිනෙදා සිදුවුණු දේවල්,වඩාත් රසබර මතක, හාස්‍ය උපදවන දේවල් නිදන කාමරයේදී කතාබහ කරන්න.

ඒ වගේම ඔබ අනෙකා සම්බන්ධයෙන් අමනාපයකින් ඉන්නවනම් ඒ ගැන සෘජුව කථා කිරීම වැදගත්.ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්නකොට එකිනෙකා අතර ආකර්ෂණය ඇති වෙන්නේ නැහැ.ඒ නිසා කතාබහින් හැමදේම විසඳාගැනීම ආකර්ෂණය නොනැසී පවත්වා ගන්න හරිම වැදගත්

ලිංගික ජීවිතය වගේම ඔබේ ආදරයත් අනිත් අය සමග සසඳන්න එපා.එය එකිනෙකා නුරුස්සන ප්‍රධාන හේතුවක්.සමාජජාලාවල දකින ජනප්‍රිය යුවළ සමඟ ඔබේ සහකරු සසඳන්න යාම ඔබට ගැටළු ඇති කරාවි.

මිතුරියන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන්ට දෙන තෑගි,ආදරය කරන හැටි ඔබේ සහකරු ඔබට සලකනවා ට වඩා වෙනස් ඇති.නමුත් ඔහුට තියෙන්නේ ඔහුගේ විදියක්.ඒ සැසඳීමට යාමෙන් ඔබ ඔහු කෙරෙහි අමනාප වෙනවා.ඒ නිසා ඇතිවන රණ්ඩු වලින් ඔබ ගැන කලකිරෙනවා.මේ නිසා සැසඳීමට යාම ඒ තරම් සුදුසු නැහැ.

තවත් ප්‍රධාන කාරණයක් තිබෙනවා.මිතුරියන්ගේ ලිංගික ජීවිතය ඔබේ ජීවිතයට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඔවුන් අනුගමනය කරන ලිංගික ඉරියව්,ඔවුන් ලිංගිකව හැසිරෙන අවස්ගන්නවා ඔබ අතර කතාබහ වලදී දැන ගන්නවා නම් ඒ කතාබහ නවතා දමන්න.සමහර අවස්ථාවන් වලදී ශක්තිමත් සම්බන්ධතාවයක් සඳහා සතියකට මේ තරම් වාරයක් ලිංගිකව හැසිරිය යුතුයි යන මතවල එල්බ ගැනීම කාන්තාවන්ගේ ලිංගික ආකර්ෂණය සහ ආශාව නැති කර දමනවා.ඒ වගේම දරුවෙකු පිළිසිඳ ගැනීම වෙනුවෙන් සරු දින ලකුණුකර ලිංගිකව එක් වෙන්නට යාමත් සමහරවිට ඔබේ ලිංගික ආකර්ෂණය නැති කර දමනවා

නිශ්චිත වාර ගණන් සටහන් තබා ගන්නට නොයා සැබෑ ආකර්ෂණයක් ඇති කර ගත් විට ඔබට නිරන්තරයෙන් ලිංගික ආශාව ඇති වේවි.

ලිංගික එක්වීමක් සාර්ථක වෙන්න වගේම ආකර්ෂණය වැඩි දියුණු කරන්න ආදරණීය ස්පර්ශයක් උණුසුම් හාදුවක් සමත් වෙනවා.මේ නිසා නිදි යහනේදී පමණක්ම ඔහුව සිප ගන්න එපා.ඔබ රැකියාවට යන්නට පෙර ඔහුව වැඳගෙන හාද්දකින් සමු ගන්න.

රූපවාහිනිය නරඹන අතර හදිසි හාදුවක් පිරිනමන්න. උදෑසන තේ කෝප්පය එක්ක හාද්දක් තිළිණ කරන්න.ඔහුගේ හිස පිරිමැදීම,හොඳ සම්බාහනයක් ලබා දීම ආකර්ෂණය වැඩි කරන හොඳ ටිප්ස් කියලා මතක තියා ගන්න.

“දැන් මං කැත වෙලා” වගේ දේවල් හිතීම නවත්වන්න.ඔබෙන් ඔහු තෘප්තිමත් නොවේයැයි සිතීම නවතා දමන්න.ඒ වගේම ඔබේ අවශ්‍යතා නොබියව ඔහුට හෙළි කරන්න.ඔහුගේ අවශ්‍යතාවලට සවන් දෙන්න.ඔබ කැමති දේ වගේම අකමැති දේ ගැනත් පවසන්න ඔබට ධෛර්යයක් තියෙන්න ඕනෑ.අප්‍රිය කරන ලිංගික ඉරියව් සහ ක්‍රියාකාරකම් වල නිරත වීමට සිදු වීම සමහර කාන්තාවන්ට ලිංගික රුචිය නැති කර දමනවා.ඒ වගේම සහකරුවා අප්‍රසන්න වෙනවා.ඒ නිසා ඔබේ හැකියාව සහ ආශාව ගැන ඔබටම අවබෝධයක් තිබීම වැදගත්.

අනෙකාගේ සිරුර සහ කැමැත්ත තේරුම් ගැනීම ඔබට ලිංගික ආකර්ශනය දියුණු කර ගන්නට හේතුවක්.

කාන්තාවක් ලෙස ඔබට වේදනාවන් ඇති විය හැකියි.සමහර ඉරියව් අසීරු විය හැකියි.සමහර ක්‍රියාකාරකම් අප්‍රියජනක විය හැකියි.ඒවා වටහා ගන්න.සතුට සහ ආකර්ෂණය ඇති වන්නේ සුව පහසුව සහ කැමැත්ත මතයි.ඒ නිසා වේදනාවන් ඇති වේ නම් Lubricant භාවිතා කිරීම,foreplay දිගු කර ගැනීමෙන් හැඟීම් උද්දීපනය කර ගැනීම ඔබට ඇති හොඳම විසඳුම් වෙනවා.

ලිංගික ජීවිතය අප්‍රියජනක හෝ  වේදනා සහගත වන්නේ ඔබ අපහසුතා සහ අප්‍රියජනකතා තේරුම් නොගැනීම නිසයි.

ලිංගික ආකර්ෂණය අඩු වීම,ලිංගිකව හැසිරීම ප්‍රිය නොකිරීම යම් රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන්.ඒ නිසා කිසිම හේතුවක් මත ඔබේ හැඟීම් උද්දීපනය නොවෙනවානම් වෛද්‍යවරයෙකු මුණ ගැසීම හරිම වැදගත්.

නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීම,ඔබේ ආකර්ෂණය නැති වූ තැන සොයා ගැනීම,ඔබේ සම්බන්ධතාවය තුළ පවතින ගැටලු හඳුනාගැනීම වෛද්‍යවරයාට පහසුවෙන් කළ හැකි කාර්යයන්.ඒ වගේම වේදනාවන් දිගුකාලීන නම් අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතුමයි.

ඕනෑම ගැටලුවක් පිළිතුරු සහිත ඒවා බව අමතක කරන්න එපා.පෙර පැවති ලිංගික ආකර්ෂණය ඔබෙන් තුරන් වෙලා නම් මේ ටිප්ස් ඔබට ආයෙම සතුටින් ඉන්න උදව්වක් වෙයි.ප්‍රසන්නව ආදරයෙන් ඉන්න.ආකර්ෂණය නොනැසී පවත්වා ගන්න එයත් හේතුවක්.

වැඩියෙන් රස පරණ වයින් බව මතකයේ තියා ගන්න.බැඳීම රහ වැටෙන්නේ එය පරණ වෙන තරමටයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here