ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි රැකවල් මැද පුහුණුවීම්වල-තරගය අද

0
12

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් මැද ඊයේ (13දා) රාත්‍රියේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට එක්ව තිබේ.

මෙම අවස්ථාව නිරීක්ෂණයට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති මෙන්ම එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සින් නක්විල පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනවිරත්න මෙන්ම එරට ආරක්ෂක ප්‍රධානීන් ද එක්විය.

මේ අතරල ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද (14දා) පස්වරු 03ට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතව ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here