පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13දා) දිනයේ නොපැවැත්වෙන අතර එය හෙට දිනයේ (14දා) පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව, තෙවන එක්දින ක්රිකට් තරගය ලබන 16 වන දින පැවැත්විමට නියමිත වේ.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් අනතුරුව පාකිස්තානයේ සංචාරයේ නිරත ශ්රි ලංකා ක්රීඩකයින් පිරිසක් නැවත ශ්රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබුණි.
ශ්රී ලංකා ක්රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථාන බලධාරීන් සහතිකයක් ලබා දී ඇති බැවින් සැලසුම් කළ පරිදි තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පෙන්වාදෙන්නේ ඒ පිළිබඳව සියලු ක්රීඩකයින්ට, කාර්යය මණ්ඩලයට සහ කණ්ඩායමේ කළමනාකාරීත්වයට දැනුම් දී ඇති අතර ඉල්ලීම සැලවු වහාම ශ්රී ලංකා ක්රිකට් ආයතනය වහාම ක්රියාත්මක වී ක්රීඩකයින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
සෑම ශ්රී ලංකා ක්රීඩකයෙකුගේම ආරක්ෂාව සහතික කිරීමට පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලය සහ ආරක්ෂක බලධාරීන් එකඟ වී ඇති බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය කියා සිටී,
Saru FM Media









