අහිංසක දරුවන්ව මරා දාපු දාම ඝාතක හෙදියක්

0
22


“ලුසී ලෙට්බි අපේ ජීවිත විනාශ කරලා දැම්මා. මනුස්සයෙක් විදියට වගේම දරුවෙක් අහිමිවෙච්ච තාත්තා කෙනෙක් විදියට මට ලුසී එක්ක තියෙන කේන්තිය මෙච්චරයි කියල කියන්න බැරි තරම්”

ඒ විදියට අදහස් දැක්වුවේ තමන්ගේ දරුවාව ඝාතනය වෙලා කියල දැනගත්තම කම්පාවට පත් වෙච්ච තාත්තා කෙනෙක්.

මේ මනුස්සයගෙ දරුවව මරල දැම්ම උමතු හෙදියගෙ නම ලුසී ලෙට්බි.

ලුසීගෙන් උමතුව නිසා මැරුණෙ එක දරුවෙක් විතරක් නෙවෙයි.

දරුවො හත් දෙනෙක්.

මේ කතාව ආරංචි වෙන්නෙ එක්සත් රාජධානියෙන්.

මම හරිම කැමති සීරියල් කිලර් කතාවන් බලන්න. ඒවයි තියන රහස් විසඳන්න, ඒ මිනිස්සු එහෙම කරන්න හේතු වෙච්ච කාරණාව මොකද්ද කියල දැනගන්න වගේම ඒ චිත්‍රපට වල ගැබ්වෙලා තියෙන ත්‍රාසය අත්විඳින්න මම මාරම ආසයි.

ඒත් ඇත්ත ජීවිතේට ආවම ඒ දාම ඝාතක ත්‍රාසය කියන්නෙ හිත කීරි ගස්සන්න පුලුවන් වෙන විදියෙ දෙයක්.

“දරුවො කියන්නේ මල් වගේ. පුංචි දරුවෙක්ට පුලුවන් ඕනම කෙනෙක්ගෙ හිත උණුකරන්න” කියල අපි කිව්වට, ලිව්වට දරුවන්ව මරන්න පුලුවන් විදියෙ හිතක් තිබුණ ලුසීගෙ කතාව අපේ ඒ සිතුවිලි බොරු කියල ඔප්පු කරනවා.

දරුවන් හත් දෙනෙකු මරා දැමීම සහ තවත් හය දෙනෙක්ව මරා දමන්න උත්සාහ කිරීම මත එක්සත් රාජධානියෙදී ලුසී ලෙට්බිව අත් අඩංගුවට අරගෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දෙන්න කටයුතු කරනවා.

33 හැවිරිදි මේ ලුසී මෙහෙම දරුවන්ව මරල දාලා බලාපොරොත්තු වුනේ අමුතුම විදියෙ උමතු වින්දනයක් කියල තමයි අවසානයේ ඔප්පු වෙලා තියෙන්නෙ.

කතාව පටන් ගන්නේ 2016 ජුලි මාසෙදි ලුසී ඉබිසා වල නිවාඩුවක් ගත කරලා ආපහු ඒමත් එක්ක.

ඒ ලුසීගේ අවසාන ඝාතනය වුණ O සහ P කියල හැඳින්වෙන දරුවන් දෙදෙනාව ඝාතනය නිසා.

ලුසීගේ මේ උමතුව ගැන එහෙම කියන්නේ නඩු පවරන්නන් විසින් නඩු විභාගය අතර තුරේදි. දරුවෙක්ව මරල එයාට ඕන වුණේ දෙවියන් එක්ක සෙල්ලම් කරන්න කියලාත් මෙ නඩු විභාගය ඇතුලෙදි කතා බහට ලක්වෙනවා.

“ඇය දේවල් පාලනය කළා. ඇය සිදුවෙමින් පවතින දේ භුක්ති වින්දා. ඇය සිදු වන බව ඇය දන්නා දේවල් අනාවැකි කීවාය. ඇය ඇත්තටම දෙවියන් ලෙස සෙල්ලම් කළා” කියල එක නඩු පවරන්නෙක් නඩුව අතරදි අදහස් ප්‍රකාශ කරලා තිබුනා.

අත් අඩංගුවට ගත්තට පස්සෙ ලෙට්බි දෙපාරක් නිදහස් වෙලා තියෙනවා. 2020 දි ඇයව තුන්වෙනි වතාවට අත් අඩංගුවට ගත්තට පස්සෙ තමයි හරියට වෙච්ච දේවල් සාක්කි එක හොයාගෙන එයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙන්නේ.

ඒ ලෙට්බිගෙ නිවස සෝදිසි කරද්දි පොලිසියට එයාගෙම අත් අකුරෙන් සටහන් තියපු රෝහල් ලිපි ලේඛන හමුවීමත් එක්ක.

“මම මහ නපුරු ගෑණියෙක්, ඔව් මම තමයි මේ දරුවන්ව මැරුවෙ” කියල ලුසීගෙ අකුරෙන්ම සටහන් තබා තිබුණ ඒ ලිපි ලේඛන ඔස්සේ මේ දරුවන් හය දෙනාගේ මරණයට ලුසී ලෙට්බි වගකිවයුතු බව පොලිසියට හොයාගන්න පුලුවන් කම ලැබුණා.

“එයා දුකෙන් ඉඳල, දුක් වෙන්න උත්සාහ කරලා ඒකෙන් මාර වින්දනයක් ලබනවා” කියල ලුසීගෙ උමතුව ගෑ පැවැත්වුණ නඩු විභාගෙදි නඩු පවරන්නන් අදහස් දක්වලා තියෙනවා.

ලෙට්බි තමන් සේවය කරපු රෝහලේ ඉඳපු විවාහක වෛද්‍යවරයෙක් එක්ක රහසෙන් සම්බන්ධයක් පවත්වාගෙන ගියා කියල තමයි නඩු පවරන්නන් නඩුවෙදි අදහස් දැක්වුවේ.

මේ වෛද්‍යවරයාව තමයි අනුයුක්ත කරල තියෙන්නෙ දරුවන්ගෙ මොකක් හරි වෙනසක් දකිද්දි බලන්න. ඒකම තමයි මේ සම්බන්ධෙ පවත්වන් යන්න හේතුවක් වෙලා තියෙන්නෙ.

දරුවෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් කියන්නේ මේ වෛද්‍යවරයට ඒ වාට්ටුවට එන්න හේතුවක් නිසා ලෙට්බි මේ වගේ දේවල් කරන්න ඇති කියල තමයි නඩුවෙදි විස්තර කරේ.

“දරුවන්ට මොකක් හරි අමාරුකමක් ආවම මේ ඩොක්ටර් එන නිසා එයාගේ පෞද්ගලික අවධානය දිනාගන්න පුලුවන්” කියල හිතේ ඇතිවිච්ච සිතුවිල්ල ලෙට්බිට ඉඩ දුන්නා දරුන්වගේ රුධිරයට ඉන්සියුලින් එන්නත් කරලා, බලහත්කාරෙන් කිරි සහ වෙනත් දියර ජාති පමණට වඩා වැඩියෙන් ලබාදීලා මේ දරුවන්ව මරල දාන්න.

2016 ජුලි මාසයේදී ලෙට්බි මේ රැකියාවෙන් ඉවත් කරත් ඊට පස්සෙත් දෙන්න අතරෙ තිබුණ සම්බන්ධෙ වෙනසක් වුණේ නෑ කියල තමයි නඩු වාර්තාවල සඳහන් වෙන්නේ.

තමන්ට මේ දරුවන්ව බලාගන්න අපහසු නිසා, තමන් “හොඳ මදි” කියල ලෙට්බිගෙ සිතට ආව සිතුවිල්ල තමයි දරුවන්ව මරල දාන්න එයාව පොළඹවලා තියෙන්නෙ.

ඒ ගැන කියවන ලෙට්බිගෙ අතින්ම ලියවුණු ලිපි කිහිපයක එයා මෙන්න මෙහෙම කියනවා.

“මට කවදාවත් කසාදයක් කරගන්න හරි දරුවෙක් හදන්න හරි අවස්තාවක් ලැබෙන්නෙ නෑ. මට පවුලක් කියන්නෙ මොකද්ද කියලවත් තේරුමක් නෑ. ඉතින් මම මේ ළමයින්ව මරලා දැම්මා”

ලෙට්බිට භාර දීල තිබුනෙ අලුත ඉපදුණ දරුවන්ගේ ඒකකය.  ඒ මොකද ඒ වගේ දරුවෙක් බලාගන්න අවශ්‍ය කුසලතාවය ලෙට්බිට තියෙනව කියල රෝහල විශ්වාස කල නිසා. ඒත් සමහර වෙලාවට සමහර රැකියාවල නිරත වෙන්න කුසලතාවය විතරක්ම මදිනේ.නිවැරදි මනසක් තියෙන්නත් ඕන.

නිදහසේ වැඩෙන, ලෙඩ අඩු,නිරෝගී දරුවන්ව තමන් දැක්කෙ කරදරයක් විදියට බවත්, එහෙම ළමයි ඉද්දි තමන් කරන රස්සාව තමන්ට කම්මැලි එකක් වෙච්ච බවත් ලෙට්බි නඩුවෙදි පිළිගන්නවා.

නඩුව අවසානයෙදි ජූරිය විසින් ඒකමතික තීරණයකට එනවා ලුසී තමන් එක්ක එකට වැඩ කරන මිනිස්සුන්ව රවට්ටල, මේ සියලු මරණ ස්වභාවිකවම වෙච්ච ඒව බව ඔප්පු කරලා, තමන්ගෙ උමතුව දිගටම කරගෙන යන්න කටයුතු කරපු බව.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here